කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට දුමින්ද දිසානායක අමාත්‍යවරයා කටයුතු කළ ආකාරයටම ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය පිහිටුවීමට ෆීල්ඩ් මාෂල්, සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද රාජගිරියෙන් ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
අදාළ ගොඩනැගිල්ල කල් බදු ක්‍රමයට සිනෝ - ලංකා ප්‍රොපර්ටීස් පුද්ගලික සමාගමෙන් ගැනීමට පසුගිය අප්‍රේල් 06 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබාදී ඇත. එසේ කල්බදු ක්‍රමයට ගැනීමට සැරසෙන්නේ සිනෝ - ලංකා ප්‍රොපර්ටීස් පුද්ගලික සමාගම සතු රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 1090 දරණ ස්ථානයේ පිහිටි වර්ග අඩි 49,556ක් වන ගොඩනැගිල්ලකි.
මේ ගොඩනැගිල්ල වසර 5ක කාලයකට ලබා ගැනීමට බදු කුලී ගිවිසුමකට එළඹීමට නියමිත අතර, ඒ සඳහා බදු කාලය අවසානයේදී ආපසු ලබා ගැනීමේ පදනම මත මාස 6ක බදු කුලී රක්ෂණ තැන්පතුවක් ලෙස රුපියල් කෝටි 4කට වැඩිමුදලක් (48,525,235.20 + VAT)
ගෙවීමට නියමිත බවද පැවසේ.
එසේම මාස 4ක බදු කුලිය අත්තිකාරම් ලෙස ගෙවීමටත් එම අත්තිකාරම් මුදල කුලී ගිවිසුමේ අවසන් වසර දෙකේදී කපා ගැනීමේ පදනම මත රුපියල් කෝටි 19කට වැඩි මුදලක් (194,100,940.80 + VAT) අදාළ සමාගමට ගෙවීමටත් එකඟවී ඇතැයි වාර්තා වේ. සිනෝ - ලංකා ප්‍රොපර්ටීස් පුද්ගලික සමාගමේ සභාපතිවරයා වන්නේ බී.එබ්ලිව්. කුන්ඩන්මාල්ය.
දුමින්දගේ ගොඩනැගිල්ල
මේ අතර පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යවරයා ‘රාජගිරිය, කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පාර, අංක 288’ යන ස්ථානයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට වර්ග අඩි එක්ලක්‍ෂ තුන්දහසකින් (103,000) සමන්විත ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට යන බවයි.
ඒ සඳහා රජයේ තක්සෙරුකරුගේ තක්සේරුව මාසිකව වර්ග අඩියක් සඳහා රුපියල් 150ක් වුවද, එම ගොඩනැගිල්ලේ හිමිකරු වන සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුර්ෂයා වන උපාලි ජයසිංහ මහතා විසින් කුලිය වශයෙන් වර්ග අඩියකට රුපියල් 167.50ක්ද, වර්ග අඩියකට සේවා ගාස්තුව වශයෙන් රුපියල් 60.50ක්ද, ඉල්ලා ඇති බවයි.
උපාලි ජයසිංහ මහතාට මේ ගොඩනැගිල්ලේ වර්ග අඩියක් සඳහා මාසිකව රුපියල් 228ක් ගෙවීමට දුමින්ද අමාත්‍යවරයා එකඟ වී ඇති බවටද වාර්තා පලවිය.
Wednesday, May 11, 2016
ෆොන්සේකා මසක කුලිය කෝටියකට බිල්ඩිමක් ගන්න යයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment