කාන්තාර වලින් අඩුවක් නැති එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැස්ස ලබාගැනීමේ අරමුණෙන් කෘතිම ලෙස කන්දක් නිර්මාණය කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
රට තුළ කදු පවතින විට සිදුවන්නේ වායු දහරා කන්දේ වැදී ඉහළට ගොස් සිසිල්වී වැසි වළාකුළු නිර්මාණය වීමයි. ඉන් අනතුරුව ස්වාභාවිකව වැසි ඇද හැළෙනවා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඒ අවට රටවල් බොහෝමයක් පිහිටා ඇත්තේ තැනිතලා භූමියකයි. කදු නොමැති නිසාත් වියළි කාළගුණය නිසාත් එම රටවලට වැසි ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්ය.
මෙයට විසදුමක් වශයෙන් ඔවුන් දැනට යොදාගන්නේ කෘතිම වැසි ඇදහැලීමට සැලැස්වීමයි. සැහැල්ලු ගුවන් යානා යොදාගනිමින් ඉහළ අහසේ ඇති වළාකුළු වලට රසායන ද්‍රව්‍ය ඉසිමින් මෙලෙස ඔවුන් කෘතිම වැසි ලබාගත්තත් එය ඉතාමත් මිළ අධික කි‍්‍රයාදාමයක් වනවා. කෘතිම වැසි ලබාගැනීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 5 කට වැඩි මුදලක් වැය කරන බවයි වාර්තා වන්නේ.
මෙලෙස කෘතිම වැසි ඇති කිරීමෙන් පවා ඔවුන්ට වසරකට වැසි ලැබෙන්නේ අඟල් 5 ක් තරම් සුළු ප‍්‍රමාණයකින්. නිර්මාණය කිරීමට නියමිත කෘතිම කන්ද සදහා ඇමරිකාවේ සහයද ලබා ගැනීමට එමීර් රාජ්‍යය බලාපොරොත්තු වනවා.මේ සදහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මෙම කන්ද සැතපුම් 1.2 ක් පමණ උසකින් යුත් වේ යැයි ගණන් බලා තිබෙනවා.
Wednesday, May 11, 2016
වැස්ස නැති නිසා අරාබියේ හදන කෘතිම කන්ද
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment