වීඩියෝ ගේම් ගසමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදී මිය යාමේ අවාසනාවන්ත පුවතක් කඩවත කෝපියාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
අධික වර්ෂාවක් නොපැවතුන ද එම සිසුවා සිය සයනයේ වැතිරී ඉමහත් ආශාවෙන් එම ගේම් ගසමින් විනෝද වී තිබෙන්නේ ඉතා කෙටි වේලාවකි.
එම අවස්ථාවේ දී ඔහුගේ ජංගම දුරකතනය චාර්ජ්වීමට දමා තිබූ බව මරණයට පත් සිසුවාගේ සොහොයුරිය සඳහන් කරයි. පවුලේ එක ම පිරිමි දරුවා වූ නිලන්ද චාමික නමැති එම සිසුවා සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වී ඇති බවත් සිය පියා විසින් එම ජංගම දුරකතනය ලබා දී ඇති බවත් වාර්තා වේ.
එදින සිදුවීම පිළිබඳ විස්තර කරන මිය ගිය සිසුවාගේ සොහොයුරිය “මල්ලිගේ අතේ නිතරම ෆෝන් එක තියෙනවා. එයා නිතරම ෆෝන් එක කණේ ගහගෙනමයි ඉන්නේ… අපි කොච්චර කිව්වත් එයා අහන්නේ නෑ….. ඒ වෙලාවට අපිටත් විහිළු කරනවා. එයා සාමාන්‍ය පෙළ පාස් වුන සතුටට තමයි අපේ තාත්තා එයාට මේ ෆෝන් එක අරන් දුන්නේ.
මේ සිද්ධිය වෙන වෙලාවේ වැඩියේ වැස්සේත් නෑ…. මල්ලි ඇඳට වෙලා ෆෝන් එක යූස් කර කර හිටියේ. එයා ෆෝන් එකේ චාර්ජ් මදි කියලා කරන්ට් එකට ප්ලග් කරලයි තිබුණේ. ඒ වෙලාවේ එක පාරට එළියෙන් මහ හඬකින් අකුණක් පිපිරෙන සද්දයක් ආවා.
ඒ එක්කම ඇඳේ හිටිය මල්ලී “අක්කේ…. අක්කේ….” කියාගෙන විදිල්ලක් වගේ නැගිට්ටා. එයා පුදුම වේගයෙන් තමා නැගිට්ටේ…. නැගිටලා අඩි කිහිපයක් ඉස්සරහට ගිහින් වාඩි වුණා. මමත් ඒ ළඟමයි හිටියේ…. මට කිසිම අනතුරක් නෑ…. වාඩි වෙලා හිටිය මල්ලි ළඟට ගිහින් මම “මල්ලී… මල්ලී….” කියලා ඇඟට තට්ටු කළා.
එයාගේ අත් දෙක හෙලෙව්වා. ඒත් එයාගේ අත් ගල් වෙලා වගේ හයිවෙලා තිබුණා. එයා ඉඳගත්ත විදියටම දරදඬු වෙලා හිටියා. මම කෑ ගැහුව්වා. කෑ ගහලා මම එළියට දිව්වා ත‍්‍රිවිල් එකක් හොයන් එන්න. මම එනකොට මල්ලිව කවුද හොස්පිටල් එකට අරන් ගිහින්..” යනුවෙන් සඳහන් කළා ය.
Thursday, May 12, 2016
ගේම් ගසමින් සිටි සිසුවා අකුණු සැර වැදී මියයයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment