ආණ්ඩුව මහින්දට ආරක්‍ෂාව නොදුන්නත් රට බේරාගත් නායකයා අප පන මෙන් රකිනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

ආණ්ඩුව මහින්දට ආරක්‍ෂාව නොදුන්නත් රට බේරාගත් නායකයා අප පන මෙන් රකිනවා

මහින්ද රාජපක්‍ෂ නමට පවා යහ පාලකයන් බයවී ඇති බවත්, මහින්දගෙන් පළි ගැනීමෙන් පමණක් රට ඉදිරියට ගෙනයා නොහැකි බව වර්ථමාන යම පාලන ආණ්ඩුව වටහා ගත යුතු බවත්, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 

කිරුලපන මැයි රැුළියට පැමිණි ආණ්ඩු විරෝධී ජන ග`ග දුටු යම පාලකයන්ගේ දෙකොන පූට්ටුවී ඇති බවත්, මේ නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත්කොට කොටි ත‍්‍රස්තවාදීන්ට ඔහුව ඉලක්කගත කල බවත්, රණතුංග මහතා පෙන්වා දෙයි.

මහින්දට අත නොතබනු මැයෙන් ඊයේ (08) මිනුවන්ගොඩ න`ගරයේ පැවති මහජන උද්ගොෂණයකට එක් වෙමින් රණතුංග මහතා මේ බව ස`දහන් කලේය. ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින් ඊට එක්ව සිටියහ. 

කොටි උවමනාව ඉටු කරන ආණ්ඩුවට අපේ විරෝධය, මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව තහවුරු කරනු යනුවෙන් ස`දහන් පුවරු රැුගත් මහජන නියෝජිතයන් සහ ජනතාව පැයකට ආසන්න කාලයක් මිනුවන්ගොඩ න`ගරයේ පෙලපාලි ගියහ. පොලීසිය ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තිබූ අතර, න`ගරයේ ස්ථාන දෙකක ක`දු`ඵ ගෑස් සහ කැරළි මර්ධන ඒකක ස්ථානගත කර තිබිණි.

පෙළපාලියෙන් පසුව රැුස්ව සිටි පිරිස ඇමතූ ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය. ”මේ ආණ්ඩුව හදන්නේ අපිව බය කරලා හීලෑ කර ගන්නයි. පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව උත්සාහ කලෙත් ඒකටයි. කිරුළපන මැයි රැළියෙන් පස්සේ ඒකාබද්ධ විපක්‍ෂයේ බලය දැකලා මේ යම පාලකයෝ වියරු වැටිලා. මේ අයගේ දෙකොන පූට්ටු වෙලා. 

ඒකයි මැයි දිනයට පහුවදාම යම පාලක ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආරක්‍ෂාව ඉවත් කලේ. මහින්ද මහත්තයා ලෝකේ දරුණුතම ත‍්‍රස්ථවාදීන්ගෙන් රට මුදාගත්ත නායකයා එතුමාට තවමත් කොටින්ගේ තර්ජන තිබෙනවා. කොටි සමූල ඝාතනය කලාට කොටි උවමනාව තවමත් අවසන්වී නෑ. ඔවුන් විවිධ උපක‍්‍රම ම`ගින් අපේ රට බෙදලා ඊලම ලබා ගන්න හදනවා. දෙමළ ඩයස් පෝරාව ඒ වෙනුවෙන් කටයුතු කරනවා. 

කණගාටුවට කරුණ තමයි මේ වැඩ පිළිවෙලට වර්ථමාණ ආණ්ඩුවේද ආශීර්වාදය හිමි වීම කොච්චර නෑ කිව්වත් මේ ආණ්ඩුව කඬේ යන්නේ කොටින්ටයි, බටහිර රටවල් වලටයි සිහිණ ඊලම බි`ද දැමීම ගැන කොටි ඩයස් පෝරාව ඉන්නේ තරහින්. තමන්ට ගැති නොවුන නිසා බටහිර රටවල් ඉන්නේ තරහින් ඒ නිසයි තමන්ගේ රූකඩ ආණ්ඩුවට කියලා මහන්ද මහත්තයාගෙන පළි ගන්න හදන්නේ.

රට බේරගත්ත නායකයාව පාවා දෙන්න අපේ රටේ ජනතාව සූදානම් නෑ. දැන් සමහරු අහනවා යුද්ධයක් නැත්නම් මොකටද මහින්ද මහත්තයාට හමුදා ආරක්‍ෂාව කියලා. සමහරු කියනවා ජනාධිපතිටයි, අගමැතිටයි හමුදා ආරක්‍ෂාව නෑ නියලා, ඒ නිසා මහින්ද මහත්තයාටත් හමුදා ආරක්‍ෂාව දෙන්න අවශ්‍ය නෑ කියලා. මේ ඉන්න ජනාධිපතිටයි අගමැතිටයි හමුදා ආරක්‍ෂාව ඔන නෑ තමයටි. කොටිත් එක්ක හුරතල් වෙන ජනාධිපතිටයි අගමැතිටයි හමුදා ආරක්‍ෂාව මොකටද? 

ඒ අයට තමන්ගේ යාඵවන්ගෙන් ආරක්‍ෂා වෙන්න දෙයක් නෑනේ ඒත් මහින්ද මහත්තයා තමයි කොටින්ගේ අංක එකේ ඉලක්කය. ඔහුට ඒ ආරක්‍ෂාව අවශ්‍යයි. රට බේරගත්ත මහින්ද මහත්තයාගේ කුඩු හමකට හරි හානියක් උනොත් ඒකේ ව`ගකීම මේ කොටි හුරතල් කරන ආණ්ඩුව භාරගත යුතුයි. මහින්දගෙන් පළි ගැනීමෙන් පමණක් මේ රට ඉදිරියට ගෙනයා නොහැකි. ආණ්ඩුව අ දරට තුල වපුරන්නේ මෛත‍්‍රිය වෙනුවට වෛරයයි.

ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපි ආණ්ඩුව මේ ගත්ත අමන තීන්දුවට බරපතල ලෙස විරෝධය පල කරනවා. ආණ්ඩුවත් ඒක්ක ලගින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමති වරුන්ට අපි කියනවා කොන්දක් තියනවානම් මහින්දච මහත්තයාගේ ආරක්‍ෂාව ඉවති කරපු මේ ආණ්ඩුවට එරෙහිව අපත් සමග එකතු වෙන්න කියලා. ආණ්ඩුවේ තීරණය සාධාරනීකරනය කරන්නේ නැතිව මේ අසාධාරණයට එරෙහිව එළියට බහින්න කියලා මේ රටේ ජනතාව මහින්ද මහත්තයාට ආදරෙයි. 

ඔහුව රැක ගන්න කවුරු නැතත් මේ රටේ ජනතාව සූදානම්.” ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි යන මහත්වරුද කථා කලහ.

ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad