ගලගොඩ ප්‍රදේශයේ කලක තිස්සේ පවත්වාගෙන යන ගල් කොරි වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ දී නම්‍යශීලී විය යුතු බවට දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු මහතා ප්‍රකාශ කළ අදහසක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් අද (09) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තුළ කලබලකාරී ස්වභාවයක් ඇති වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුවන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාතය චන්දිම වීරක්කොඩි, ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී රැස් විය.
එහි දී අම්බලංගොඩ ගලගොඩ ප්‍රදේශයේ කලු ගල් කැඩීමට බාධා නොකරන ලෙසත් එම ප්‍රදේශයේ ජනතාව ජීවත්වන්නේ මෙම කලුගල් කැඩීම තුළින් බවත් එවැනි ස්තථානවල දී නීතිමය අංශ නම්‍යශීලීව කටයුතු කළ යුතු බවත් දකුණු පළාත් සභා මන්ත්‍රී ආරිවංශ සම්මු මහතා පෙන්වා දෙනු ලැබී ය.
එහි දී සම්බන්ධීකරණ කමිටු සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා ''ඒ ආණ්ඩුව වගේ නොවෙයි. මේ ආණ්ඩුව" යැයි පැවසීමත් සමග ඊට ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා, දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී සම්මු ආරියවංශ, චම්ලි විතානාච්චි යන මහත්වරුන් දැඩි විරෝධය පළ කරනු ලැබී ය.
එහි දී සිදු වූ අදහස් හුවමාරුව පහතින්,
මොහාන් සිල්වා මහතා :- "ඒ. ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා එකක් නෑ. මාර කතාවක් මේ කියන්නේ."
විජේපාල හෙට්ටිආරච්චි මහතා :- "මේක සභාවක් ඇගිලි දික් කරන්න එන්න එපා මන්ත්‍රීතුමා. ඒක හින්දා ශිෂ්ඨ විදියට කතා කරන්න."
චම්ලි විතානාච්චි මහතා :- "සභාපතිතුමනි, මෙතැන ගැටලුව තියෙන්නේ මේකයි. අනික් මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නැහැනේ."
විජේපාල හෙට්ටිආරච්චි මහතා :- "වැරදි දේකට මෙතැන අනුමැතිය දුන්නොත් මම මේ සභාවෙන් අයින් වෙලා යනවා. තර්ජන ගර්ජනවලට අපි බය වෙන්නේ නෑ."
මොහාන් සිල්වා මහතා :- "ඔබ තුමාට වැඩිය හොඳට නීතිය මමත් දන්නවා. එහෙම කතා කරන්න එපා."
ආරියවංශ සම්මු මහතා :- "මේ සභාවට එන්න ඕනැයැ තර්ජනය කරන්න."
ආදී වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මහජන නියෝජිතයින් අතර ඇති වූ වචන හුවමාරුවත් සමග සම්බන්ධීකරණ කමිටුව එකම ගාලගෝට්ටියක් බවට පත් විය. එම අවස්ථාවට එක් ව සිටි රාජ්‍ය නිලධාරීන් වික්ෂිප්ත ව මේ සිදුවන්නේ කුමක්දැයි බලා සිටිනු දක්නට ලැබිණ.
කෙසේ වෙතත් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සභාව පාලනය කර තත්ත්වය සමතයකට පත් කර ගැනීමට දැඩි උත්සාහයක නිරත විය.
උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරු ව නැවතත් සාමාන්‍ය පරිදි සභාවේ කටයුතු පවත්වාගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කරයි.
ගාල්ල - ලලිත් චාමින්ද

No comments:
Post a Comment