ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසකට හදිසි කැඳවීමක් සිදුකර තිබේ.
ඒ අනුව විශේෂ සාකච්ඡාවක් සඳහා අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකුට මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.
අද පස්වරු 7.00ට ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙන්ම පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව වැඩි අවධානයක් යොමුවනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:
Post a Comment