භාරත ඝාතන නඩු විභාගය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

භාරත ඝාතන නඩු විභාගය අවසන්

භාරත ඝාතන නඩු විභාගය අවසන්
භාරත ලක්‍ෂමන් ඝාතන සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහි නඩු විභාගය ඊයේ (09) අවසන් විය.

වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ විභාගය මෙලෙස අවසන් කෙරිණි. විත්තිකරුවන් අතුරින් දැනට අතුරුදන්ව සිටින 'ගලගොඩ' නමැති විත්තිකරු හැර අනෙක් සියලු විත්තිකරුවන් විත්ති වාචක ඉදිරිපත් කිරීම අවසන් කිරීම හේතුවෙන් මෙම නඩු විභාගය අවසන් විය.

2015 ඔක්තෝබර් මස 12 වැනිදා මෙම නඩුවේ සාක්ෂි විභාග කිරීම ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වා දින 52ක පමණ කාලයක් පුරා මෙම නඩුවේ සාක්ෂි විභාග කෙරිණි. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් හතළිස් දෙදෙනෙකුද, භාණ්ඩ 86ක්ද, ලේඛන126ක්ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කෙරණි.

No comments:

Post a Comment

Post Bottom Ad