උසස් පෙළ අප්‍රේල් මාසයට ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

උසස් පෙළ අප්‍රේල් මාසයට ?

උසස් පෙළ අප්‍රේල් මාසයට ?
උසස්‌ පෙළ විභාගය අප්‍රියෙල් මාසයේදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව උසස්‌ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා අප්‍රේල් මාසයේ විභාගය පවත්වා ජනවාරි මාසයේදී දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම මෙම නව පියවරෙහි අරමුණ බව සඳහන්කළේය.

පවතින ක්‍රමය යටතේ අගෝස්‌තු මාසයේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වසරකුත් මාස 08ක්‌ පමණ බලා සිටින්නට සිදුවන බවත් අප්‍රේල් මාසයේදී විභාගය පැවැත්වුවහොත් එම කාල සීමාව වසරකින් පමණ අඩුකර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය කල් ගත වන විට ළමුන් පෞද්ගලික ආයතන කරා යාම වර්ධනය වන ප්‍රවණතාවක්‌ ඇතැයි ද ආණ්‌ඩුවට අවශ්‍ය වන්නේ එම තත්ත්වය වළක්‌වා ගැනීමට යැයිද කියාසිටි අමාත්‍යවරයා අප්‍රේල් මාසයේ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා සහ විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඇති බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad