ඒකාබද්ධ විපක්ෂයෙන් යුද ජයග්‍රහණ සැමරුමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

ඒකාබද්ධ විපක්ෂයෙන් යුද ජයග්‍රහණ සැමරුමක් 

ඒකාබද්ධ විපක්ෂයෙන් යුද ජයග්‍රහණ සැමරුමක් 
යුද ජයග්‍රහණයේ හත්වන වසර සලකුණු කරමින් ‘රණවිරු විජයග්‍රහණ අභිනන්ද පූජා‘ නමින් සැමරුම් වැඩසටහනක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා කුරුණෑගලදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද(13) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු කියා සිටියේ කුරුණෑගල බෞද්ධ මහ පිරිවෙණේදී එය පවත්වන බවයි. රජයෙන් සැමරුම් උත්සවයක් සංවිධාන නොකිරීම හේතුවෙන් මෙම වැඩසටහන සංවිධාන කර ඇති බවත් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් සෑමවිටම පෙනී සිටින බවත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

මේ අතර වැට් බදු වැඩිවීම ගැන ද ඒ මහතා අදහස් දැක්වූ අතර යූඑන්පියේ සඳළු තලේ සිටින නායකයින්ට මෙම බදු වැඩිවීම දැනෙන්නේ නැති බවය. එම මාධ්‍ය හමුව ඇමතු පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ අතුරු අය වැයක් ඉදිරිපත් කරන බවට අගමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණත් මේ දක්වා එවැන්නක් සිදුව නැති බවයි.

රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමේ මුවාවෙන් රුපියල් කෝටි 2500ක වැය ශීර්ෂයක් ආණ්ඩුව සම්මත කර ගැනීමට ගිය බවත්, ඒකාබද්ධ විපක්ෂය නිසා එය වැළකී ගිය බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad