මැතිසබේ අදත් උණුසුම් - රැස්වීම කල් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

මැතිසබේ අදත් උණුසුම් - රැස්වීම කල් තබයි

මැතිසබේ අදත් උණුසුම් - රැස්වීම කල් තබයි
පාර්ලිමේන්තුවේ අදත් උණුසුම් තත්ත්වයක් වීම නිසා කථානායක කරු ජයසූරිය මහතා රැස්වීම අත්හිටුවීය.

ඊයේ (05) මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ ඡන්ද විමසීම වැරදි යැයි මුලින්ම විපක්ෂය ප්‍රශ්නයක් මතු කළේය. 

ඉන් අනතුරුව පරිපූරක ඇස්තමේන්තුවේ ගණන් හිලව් වැරදි යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ප්‍රකශ කළේය. මිලියන 555ක් ලෙස එක් තැනකද මිලියන 2500ක් ලෙස තවත් තැනකද සඳහන් වී ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන මහත්වරුන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුද එම විරෝධයට එක්වූහ. ඔවුන් කෑකෝ ගසමින් වැඩකටයුතු කිරීමට බාධා කිරීම නිසා කථානායකවරයා රැස්වීම කල්තබමින් පක්ෂ නායක රැස්වීමක් පවත්වන බව පැවසී ය.

ඡන්ද විමසීම සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad