මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු බස්නාහිර පළාත් සභාව විසින් ඊයේ (05) පෙරවරුවේ ආරම්භ කළේය.
ඊයේ පෙරවරුවේදී බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සහ කුණු කන්ද ඉවත් කර එම කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු භාරව සිටින එංගලන්ත සමාගමක් වන ‘එස්ජේපී වේස්ට් ටු එනර්ජි ප්‍රයිවට් ලිමිටඩ්‘ හි කාර්ය මණ්ඩලය ද එම ස්ථානය වෙත ගොස් තිබිණි.
කුණු කන්ද ඉවත් කරන එංගලන්ත සමාගමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ඉම්රාන් අලි මහතාය.
කුණු කන්දේ ඇති කුණු දිනකට ටොන් 4000 බැගින් අවුරුදු 06ක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment