කිරුළපන ගිය අයට වෙන දේ ගැන ඇමති නිමල්ගෙන් ඉඟියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

කිරුළපන ගිය අයට වෙන දේ ගැන ඇමති නිමල්ගෙන් ඉඟියක්

කිරුළපන ගිය අයට වෙන දේ ගැන ඇමති නිමල්ගෙන් ඉඟියක්
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැලියට එක්‌ නොවී කිරුළපන මැයි රැලියට එක්‌වූ පක්‍ෂ ක්‍රියාකාරීන්ට ඇතැම්විට පොදු සමාවක්‌ හිමිවිය හැකි බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (09) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.  ඔවුන් සම්බන්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක්‌ ගැනීම මධ්‍යම කාරක සභාව සතු කාර්යයක්‌ වන බවත්, මේ ගැන ඉදිරියේදී තීන්දුවක්‌ ගනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී පක්‍ෂය ගන්නා ක්‍රියාමාර්ග කුමක්‌දැයි තමන්ට හරියටම කිව නොහැකි යැයිද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය. ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ලේ සෙලවෙන ගැටුමක් ඇතිවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දැඩි ලෙස හෙළා දකින බවත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවක් පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුද සහ ගැටලූ පැවතුණ ද සියල්ලන්ගේ අවසන් අරමුණ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය පැරදවීම බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා පක්ෂය නොබෙදී පවත්වා ගැනීම අවශ්‍ය වන බවද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad