සේරුවිල විහාරයේ තාවකාලික අයිතිය අමරකිත්ති හිමිට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

සේරුවිල විහාරයේ තාවකාලික අයිතිය අමරකිත්ති හිමිට 

සේරුවිල මංගල රජමහා විහාරයේ තාවකාලික අධිපතිත්වයට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පත්කර තිබේ.

අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකායේ අනුනායක දෙවුන්දර පරම විචිත්‍රාරාම රජ මහා විහාරාධිපති පූජ්‍ය දෙවුන්දර සිරි සුනන්ද අනු නාහිමි ප්‍රධාන කරගත් කළ්‍යාණවංශ නිකායේ කාරක සංඝ සභාව සේරුවිලට රැස්වී මෙම පත්කිරීම සිදුකළහ.

කල්‍යාණ වංශ නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන් ලංකාවට වැඩම කිරීමෙන් පසු රැස්වන විධායක කාරක සංඝ සභාව නව අභිනව  විහාරාධිපති හිමිනමක පත්කර ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad