යුද්ධය හේතුවෙන් ජාතික ආරක්ෂාව සඳහා උතුරේ නැවත පදිංචි වැසියන්ගෙන් අත්පත් කරගත් පුද්ගලික ඉඩම් එහි අයිතිතරුවන්ටම ලබා දිය යුතු බවත් උතුරේ පිහිටි රෝහල්වලින් 10ක කිසිම වෛද්‍යවරයෙක් නැති බවත් උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ වව්නියාව කැලෑබෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රදේශයන්හි සිදු කළ සංචාරය අතරතුරදීය.
යුද්ධයෙන් පසුව වව්නියාව කැලෑබෝගස්වැව ගම්මානයේ නැවත පදිංචි වැසියන්ගේ ගමනාගමනය, ස්ථීර නිවාස නොමැති වීම, සෞඛ්‍ය ගැටලු ආදි ගැටලු සම්බන්ධයෙන් වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සොයා බලා එම ගැටලුවලට විසඳුම් ඉතා ඉක්මනින් ලබා දිමට පියවර ගන්නා බවට පැවසීය.
මෙහිදී ආණ්ඩුකාරවරයා මාධ්‍යට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ,
‘‘උතුරේ මේ වෙනකොට රෝහල් 10 ක විතර කිසිම වෛද්‍යවරයෙක් නැහැ. ඇතම් රෝහල්වල වෛද්‍යවරයාම තමයි බෙහෙත් ටිකත් දෙන්නේ හෙද හෙදියන් ඇතුලු සේවකයින් නැහැ. වෙනත් පලාත්වල සිට මේ පලාත්වලට වෛද්‍යවරුන් එන්නේ නැහැ. ඇවිත් ඉන්න පහසුකම් නැහැ. ඒ වගේම හෙද හෙදියන්ටත් ඒ ටිකමයි ඔවුන් මේ පලාත්වලින් ගන්න විදිහකුත් නැහැ. මොකද හෙද විභාගයට ලියන්න තරම් සුදුසුකමක් මේ පලාත් වල ඉන්න ළමයිට නැහැ මේක බරපතල ගැටලුවක්.“
මේ අතර උතුරේ යුදහමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා කියා සිටියේ,
“දැන් බලන්න අපේ රටේ වෙරලබඩ කලාපය ඉස්සෙල්ලම අල්ලගත්තේ පෘතුගීසිකාරයෝ. ඒවා අපේ ඉඩම් එයාලගෙන් පස්සේ ලන්දේසි කාරයෝ අල්ලගත්තා ඊට පස්සේ ඉංග්‍රීසින් අල්ලගත්තා නමුත් අපි මේ රට ඉංග්‍රීසි කාරයින්ගෙන් ඉල්ලගන්නකොට එයාල කිව්වද නෑ අපි මේව ගත්තේ ලන්දේසින්ගෙන් කියලා ඒ වගේ තමයි රටේ ඉඩම් එක වෙලාවකදී එල්.ටී.ටී.ඊය අල්ලගත්තා එක වෙලාවකදී අයි පී කේ එකෙන් එක වෙලාවකදී හමුදාවෙන් නමුත් එම ඉඩම් වල මුල් අයිතිකරුවන් ඉන්නවනම් ඒ ඉඩම් ආපහු දෙන්න ඕන යනුවෙනි.
මෙම අවස්ථාවට උතුරු පලාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා සහ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක මහතා ඇතුලු නිලධාරීන් සහභාගී වූහ.
වන්නි - රොමේෂ් මධූෂංඛ

No comments:
Post a Comment