පුද්ගලික වැඩබිමකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතළ තුවාල ලැබූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 04 වැනි දා පෙරවරුවේ තුවාල ලැබූ ඔහු ප්‍රථමයෙන් යුද හමුදා රෝහලට ඇතුළත් කොට පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවා එහිදී හදිසි සැත්කමකට භාජනය කරන ලදී.
මේජර් ජෙනරාල්වරයාට අයත් දෙල්කඳ, පරණ කැස්බෑව මාර්ගයේ පිහිටි ඉඩමකදී එදින උදෑසන 6.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩයර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
මෙම ඉඩමේ ඉදිකිරීමක් පරීක්ෂා කරමින් සිටියදී ඇදවැටුණු පරාලයක් නළලේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, තුවාල ලැබූ ඒ මහතා ඒ මොහොතේම යුද හමුදා රෝහලට ඇතුළත් කළ පසු කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

No comments:
Post a Comment