ජනතා විමුක්ති පෙරමුණ අවලාද නැගීමෙන්, මඩ ප‍්‍රහාරවලින් වට්ටන්න පුළුවන් පක්‍ෂයක් නොවන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව අවධාරණය කළේ අද(08) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී අනුර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය,
“මේ මාධ්‍ය සාකච්ඡාව අද දින කැඳවූයේ ඉරිදා දිවයින පුවත්පතේ පළකර තිබෙන ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් අවධාරණය කිරීමටයි. මේ ප‍්‍රවෘත්තිය සහ විශේෂාංගය තනිකරම අවළාද සහ මඩ ගැසීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරුවලින් පිරුණු එකක් බව ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මාධ්‍ය ආයතනවල සහ ජනතාවට දන්වා සිටිනවා.
අප මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය කාලයේත් වර්තමානයේත් දිගින් දිගටම කි‍්‍රයා කරමින් සිටිනවා. පසුගිය කාලයේ මාධ්‍ය ආයතන ගිණි තබා, බෝම්බ ගැසූ අවස්ථාවලදී වගේම මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ තර්ජනයට ලක්වූ සියලූ අවස්ථාවලදී ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව ඇතුළු අනෙකුත් කටයුතු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිය.
දිවයින අද ප‍්‍රවෘත්තිය පළකර තිබෙන්නේ කිසිසේත්ම මාධ්‍ය ආචාර ධර්ම හෝ පිළිගත් මාධ්‍ය භාවිතයක් ඇතුළේ නෙවෙයි. තනිකරම කැලෑ පත්තරයක් බවට අද දිවයින ඉරිදා පත්තරය පත්ව තිබෙනවා. මෙය කිසිසේත්ම දිවයින පොදු මාධ්‍යවේදීන්ගේ අදහස නොවන බව අපි දන්නවා. මේ පිටුපස සිටින්නේ පරාජිත රාජපක්‍ෂ කල්ලියේ අවශ්‍යතාවය අනුව කි‍්‍රයාකරන ඉතා සුළු පිරිසක්.
කුමාර වෙල්ගමගේ සොහොයුරු නිමල් වෙල්ගම දිවයින පුවත්පතේ අයිතිකරු වශයෙන් කි‍්‍රයා කරන අතර ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන්ද රාජපක්‍ෂ පාලන සමයේ හිටියා. ඒ කාලයේ ටෙලිකොම් සමාගමේ දැන්වීම් සහ අනෙකුත් විවිධ ප‍්‍රචාරක කටයුතු සඳහා නිමල් වෙල්ගම විසින් උපාලි ප‍්‍රවෘත්ති පත‍්‍ර ආයතනයට කොතරම් මුදල් ලබාදී තිබේදැයි පාර්ලිමේන්තුවේදී අප ප‍්‍රශ්න කරනවා.
ඒ වගේම ඉරිදා දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක්. ඒ උපදේශකලාට ගුවන්තොටුපොලවලදී ප‍්‍රභූ වරප‍්‍රසාද ඇතුළු වාහන හිමිකම්, ඉන්ධන, වැටුප් සහ තවත් අතිවිශාල බලයක් තිබුණු බව කවුරුත් දන්නවා. ඒ වගේම මේ ප‍්‍රවෘත්තිය පළකර තිබෙන ජනිත සෙනෙවිරත්න කියන්නේ කව්ද? වරායට සම්බන්ධ කළමනාකරණ ආයතනයක 2011.08.09 දින සිට 2014.12.31 දක්වා සේවය කළ කෙනෙක්.
මේ කාලය තුළ ඔහු විවිධ මාධ්‍ය ආයතන ගණනාවක වැඩකර තිබෙනවා. ඒ වගේම සෑම දිනකම වරායට අනුබද්ධ ආයතනයේ සේවයට පැමිණි අයෙක් බව අත්සන් කර තිබෙනවා. මම වගකීමෙන් කියන්නේ ඔහු කර තිබෙන්නේ එක දිනයක ඒ ආයතනයට ගොස් මුළු මාසයටම පැමිණි බවට අත්සන් කිරීමයි. රාජපක්‍ෂ පාලනය බිඳ වැටීමෙන් පසු 2015 මාර්තු 31වන දින නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔහුව ඉවත්කර තිබෙනවා.
ඒ වගේම නියෝජ්‍ය කර්තෘ වශයෙන් සිටින මනෝජ් අබේධීර ටෙලිකොම් ආයතනය හරහා විවිධ මූල්‍ය අවභාවිතයන් ඇතුළු චෝදනා රැුසකට ලක්වූ අයෙක්. අනුර සොලමන්, ජනිත සෙනෙවිරත්න මනෝජ් අබේදීර යන අය ගැන අප ඉදිරිපත් කළ චෝදනා වැරදි නම් ඔප්පු කරන ලෙස අප ඔවුන්ට අභියෝග කරනවා.
නිශ්චිතව නමක් හෝ ලියන්නේ කාටද කියලා හෙළි නොකර ව්‍යංගයන් ගණනාවක් විශේෂාංග ලිපියෙන් දීලා තිබෙනවා. මේ ලියන්නේ කව්රු ගැනද කියලා පාඨකයාට සම්පූර්ණයෙන් ඒත්තු යනවා. ඉරිදා දිවයින අද රාජපක්‍ෂ කල්ලියේ මඩ ෆැක්ටරියක් බවට පත්වෙලා. පත්තර පාඨකයන් සල්ලි දීලා පත්තරයක් ගන්නේ, සත්‍යය දැන ගන්න. නිවැරදි තොරතුරු දැනගන්න. මඩ අවලාද පළ කරන පච දිවයින ගැන ජනතාව තීරණයක් ගනියි කියලා අපි විශ්වාස කරනවා.
පැවති පාලනය පෙරළා දමන්න විවිධ ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගෙන කි‍්‍රයා කළා. රාජපක්‍ෂ කල්ලිය අදත් කුපිත වී සිටින්නේ මේ නිසයි. මේ අවස්ථාවේදී දිවයින පුවත්පතේ සිටින සැබෑ මාධ්‍යවේදීන්ට නින්දාවක් කර තිබෙන්නේ. ඔවුන්ට අද පතත්තරය ඇතුළේ අරගලයක් කළ යුතුව තිබෙනවා. තමන්ගේ මාධ්‍යය නිවැරදි කරමින් ගැනීමෙන් බේරා ගන්න කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් වී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ අවලාද නැගීමෙන්, මඩ ප‍්‍රහාරවලින් වට්ටන්න පුළුවන් පක්‍ෂයක් නෙවෙයි. මේකෙන් තහවුරු වෙන්නේ මඩ ප‍්‍රහාර එල්ල කරන්නන්ගේ දුප්පත්කමයි. මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ගන්න අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අපහාස නඩු සම්බන්ධයෙන් වසර ගණනාවක් ඇදි ඇදී යාම ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. මේ අවස්ථාවේදී අප ජනතාව හමුවී මේ අවලාදකරුවන් ගැන තීරණයක් ගැනීමට බාර කරනවා.
මෙවැනි අවලාද නගන පත්තර මිලදී ගන්න ඕනෑද? කියන කාරණය ජනතාව නැවත සළකා බලයි කියලා අපි විශ්වාස කරනවා. තව දෙයක් මේ මහත්තුරුන්ට කියන්න අවශ්‍යයි. අපි මේ දේශපාලනය තෝරාගෙන තිබෙන්නේ අපේ ඇස් ඉදිරිපිට මිනිසුන් ඝාතනය කරනවා දැක දැකයි. මේ දේශපාලනය වෙනුවෙන් අපි මරණයට වුවත් මුහුන දෙන්න පැකිළෙන්නේ නැහැ.
ඒ නිසා අවලාදවලින් අපව නවත්වන්න උත්සාහ කරනවා නම් ජනිත සෙනෙවිරත්න, මනෝජ් අබේදීර, අනුර සොලමන් කල්ලියට අපි කියන්නේ ඔවුන්ට වැරදී ඇති බවයි. මේ ප‍්‍රශ්නය දැන් ජනතාව ඉදිරියේ අප විවෘත කර තබනවා.“

No comments:
Post a Comment