සරසවි සිසුන් පාරට බසියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

සරසවි සිසුන් පාරට බසියි

දිගින් දිගටම සිදුකරන ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් සිරගත කළ සිසුන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (06) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය අසල විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

සිසුන් 200කට වැඩි පිරිසක් සිදුකරන මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා සිදුව ඇත. පළමු වසර සිසුවියන්ට දිග කලිසම් ඇඳීම තහනම් කරමින් හා පරුෂ වචනයෙන් බැන වැදීම යන නවක වධ සිද්ධියක් මුල්කරගෙන කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ (05) කැළණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව තවත් සිසුන් 02ක් අද පෙරවරුවේ දී ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර එම සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සබරගමුව විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල සිසුන් අද මෙසේ උද්ඝෝෂණවල නිරත වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad