පොලිසියේ 57කට එස්.පී. තනතුරු - හිටපු මාධ්‍ය ප්‍රකාශකත් ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

පොලිසියේ 57කට එස්.පී. තනතුරු - හිටපු මාධ්‍ය ප්‍රකාශකත් ඉහළට

පොලිසියේ 57කට එස්.පී. තනතුරු - හිටපු මාධ්‍ය ප්‍රකාශකත් ඉහළට
සහකාර පොලිස් අධිකාරීවරු 57 දෙනකු පොලිස් අධිකාරීවරු ලෙස උසස් කළ බව පොලිස් කොමිසම සඳහන් කරයි.

ඒ අතරින් විනය පරීක්ෂණ පැවැත්වෙන සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනකුගේ උසස්වීම් තාවකාලික ව අත්හිටුවා තිබේ. පොලිස් කාන්තාවන් දෙදෙනෙක් ද පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ.

පොලිස් කොමිසමේ නිර්දේශ මත එම උසස්වීම් ලැයිස්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශේෂ පොලිස් පණිවුඩයකින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම උසස්වීම් 2016 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වේ. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද උසස්වීම් ලැබ සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad