හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය විසින් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින්, ඔහු එය සාධාරණීකරණය කිරීමට තැත් කලේ හිටපු ජනාධිපතිගේ සහයට සිටින නෙවිල් මහතාගේ අධ්‍යාපන සුදුසකම් පමණක් ගැන කතාකිරීමෙන්, මුළු බළකායේම සිටින නිලධාරීන් සහ කමාන්ඩෝ භටයන් සමස්තයක් වශයෙන් කිසිදු අධ්‍යාපනයක් නොලත් අය ලෙස පෙන්වා දීමෙන්ය.
ඔහු යටතේ සිටින අනෙක් මේජර් වරුන්ද, උසස්පෙළ හදාරා කැඩෙට් නිලධාරීන් වශයෙන් යුධ හමුදාවට බැඳී ඇති අතර, ඔවුන්ද වසර 10ට අධික කාලයක් යුධබිමේහි ක්‍රියාන්විත වල සටන්කර, මෙරට හා විදේශ රටවලින් විශේෂ ආරක්ෂක පුහුණුවීම් ලැබූ, අත්දැකීම් සම්භාරයක් ඇති සුවිශේෂ නිලධාරින්ය. ඔවුන් යටතේ සිටින කමාන්ඩෝ භටයන්ද යුධබිමේ දස්කම් පෑ, වීරත්වයෙන් අතිවිශිෂ්ට සේවාවක් තම මාතෘභූමියට ඉටුකළ රණවිරුවන්ය.
මෙවැනි දැනුම් සම්භාරයක් හා අත්දැකීම් වලින් පරිපුර්ණ රණවිරුවන්, සරත් ෆොන්සේකා විසින් අවමානයට හා අවතක්සේරුවට ලක් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස පෙන්විය හැක. මීට පෙර ජනාධිපති ආරක්ෂක අංශය, පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් මෙහයවූ කාල වකවානු වලදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන් මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මියගිය අතර, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය එවැනිම ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලැබුවේය.
නමුදු, යුධ හමුදාවට අයත් ජනාධිපති ආරක්ෂක සමුහයට අයත් මේම නිලධාරීන් හා භටයන් විසින්, යුද්ධය උත්සන්න කාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කිසිම උවදුරකට ලක් නොකර, ඔහුගේ ජීවිතය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර, තම යුතුකම ඉහලින්ම ඉටු කළේය. ඔවුන් විසින් මෙරට සංචාරයේ පැමිණි පාප් වහන්සේ, චාල්ස් කුමරු, තායිලන්ත කුමරිය, චීන, පකිස්තානු, පලස්තීන ජනාධිපතිවරුන්, ජපානයේ අග්‍රාමාත්‍ය, කටාර්හි එමීර්තුමා යනාදී නායකයන් රැසකගේ ප්‍රභූ ආරක්ෂාවද ලබාදී තිබේ.
තම ජීවිතය පරදුවට තබා, රට ජාතිය වෙනුවන් කැපවී, විශිෂ්ට සේවාවක් ඉටුකරන මෙවැනි වෘත්තීමය නිලධාරීන්ට හා භටයන්ට, යුධ හමුදාවේ හිටපු හමුදාපතිකෙනෙකු විසින්, පටු දේශපාලනික න්‍යායන් නිසා අපහාසයට හා උපහාසයට ලක් කිරීම ඉතා පහත් ක්‍රියාවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි. මේ සියල්ලටම වඩා පුදුම සහගතවන්නේ, ඔහු විසින් මෙසේ අවමානයට ලක් කරන නිලධාරීන් හා භටයන් යුධ හමුදාවේ සිටින විශිෂ්ටතම අය ලෙස තෝරා, ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කලේද එවකට යුධ හමුදාපතිව සිටි ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා විසින්මය.
උපුටා ගැනීම : Lankanewsweb.today

No comments:
Post a Comment