බෝගල පතල් සේවකයින් තවමත් උද්ඝෝෂණයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

බෝගල පතල් සේවකයින් තවමත් උද්ඝෝෂණයේ

බෝගල පතල් සේවකයින් තවමත් උද්ඝෝෂණයේ
බෝගල මිනිරන් පතලේ සේවකයන් ඊයේ (10) ආරම්භ කළ වැඩ වර්ජනය සහ සත්‍යග්‍රහය මේ වනවිටත් පවත්වාගෙන යන බව වාර්තා වේ.

අඩි 1675ක් පමණ වූ පතල ගැඹුරේ සිට මොවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ රුපියල් 5000ක වැටුප් වැඩිකිරීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.  මෙම සත්‍යග්‍රහය සඳහා එහි සේවකයන් 48දෙනෙකු පමණ එක්ව සිටින බව ද වාර්තා වේ.

බෝගල පතලේ පාලන අධිකාරිය නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී අමිල ජයසිංහ මහතා කියාසිටියේ සේවකයින් වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටිය ද ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ආයතනය සතුව නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad