බස්නාහිර මහා නගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථවාහන තදබදය අවමකිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙසින් බත්තරමුල්ල සිට කොළඹ නෙළුම් පොකුණ දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු ලබන ජූලි මස ආරම්භ කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය හරහා බත්තරමුල්ලේ සිට නෙළුම් පොකුණ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පවතින තත්ත්වයට වඩා 50% කින් පමණ අඩුකිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.
ස්පාඤ්ඤ රජයෙන් ලැබෙන සහනදායී ණයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 2018 ජනවාරි මාසයේ දී අවසන් කිරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටී.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ වීඩියෝ වාර්තා වැඩසටහන පහතින් නරඹන්න,

No comments:
Post a Comment