වැලි මුවෙකු මස්කළ 5දෙනෙකු අත්අඩංගුවට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

වැලි මුවෙකු මස්කළ 5දෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියට තලවාකැලේ සෙන්ට්ක්ලෙයාර් සෙන්ට්ඇන්ඩ්‍රියා වත්ත ප්‍රදේශයේදී අද (13) දහවල් 11.30ට පමණ වැලි මුවෙකු ගැටී මියගිය බව වාර්තා විය.

එම වැලි මුවා වතුයාය අසල පදිංචි වතුකම්කරුවන් පිරිසක් රැගෙන ගොස් මස්කර පිසීමට සුදානම් වන අවස්ථාවේ තලවාකැලේ පොලිසියට ලද තොරතුරක් මත මස් තොගය සහ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා හෙට (14) නුවරඑළිය මහේස්ත්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් අත්අඩංගුවට ගත් මස් තොගය පශු වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන බවත් තලවාකැලේ පොලීසිය සඳහන් කරයි.

ඡායාරූප පහතින්....
හැටන් -රංජිත් රංජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad