වැවක මාළු ටොන් 35ක් මිය යයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

වැවක මාළු ටොන් 35ක් මිය යයි (VIDEO)

දකුණු දිග චීනයේ හයිනාන් ප්‍රාන්තයේ හොන්චෙන් වැවේ මාළු ටොන් 35කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි චීන පුවත් සේවා සඳහන් කරයි.

චීන රජයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම මාළු මිය යෑමට හේතුව එම වැවෙහි ජලයේ ලවණ මට්ටම ඉහළ යාමයි. එසේ මිය ගිය මාළුන් වියත් භාගයක් පමණ දිගැති කුඩා මාළුන් බවත් අවට වැසියන් එවැනි මාළු මීට පෙර එම වැවේ දැක නැති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂාව සඳහා චීන රජය කඩිනම් පියවර ගෙන ඇති අතර සනීපාරක්ෂක සේවකයින් වැවේ මාළු ඉවත් කර පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වේ. සිද්ධිය සම්බන්ධයෙන් පරිසරවේදීහු පරීක්ෂණ පවත්වති.

වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad