දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් 

කුරුණෑගල, මොණරාගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඔවුන් මෙලෙස අදාළ දිස්ත්‍රික්කවලට නායයෑමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානමක් නිකුත් කරනු ලැබුවේ ඊයේ (08) රාත්‍රියේ ය. දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 02.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වැසි ඇතිවන අවස්ථාවල දී අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad