අභිරහස් ඇටසැකිල්ලක් හමුවේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

අභිරහස් ඇටසැකිල්ලක් හමුවේ (PHOTOS)

අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ ඇටසැකිල්ලක් පල්ලම ප්‍රදේශයේ කැලෑවක තිබී හමු වී තිබේ.

ඊයේ (10) දහවල් දර කැඩීම සදහා කැලෑවට ගිය කාන්තාවක් මෙම ඇටසැකිල්ල දැක ඒ බව පල්ලම පොලීසියට දැණුම් දී ඇති අතර ඇටසැකිල්ලේ කොටස් කීපයක් සතුන් විසින් කැලෑවේ විවිධ ස්ථාන වලට ගෙන ගොස් ඇති බවට දක්නට ඇති බව වාර්තා වේ.

ඇටසැකිල්ල හමු වී ඇති ස්ථානයේ තිබී කුඩයක්, කාන්තා පාවහන් යුවලක් සහ ඇදුම් කීපයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර ඒ අනුව මෙම ඇට සැකිල්ල කාන්තාවකගේ බවට විශ්වාස කළ හැකි යැයි පොලීසිය සදහන් කරයි.

එම ස්ථානයේ ඇති ගසක රෙදි පටියක්ද දක්නට ලැබෙන බැවින් කිසියම් අයෙකු ගෙළ වැළලාගෙන මිය ගියා ද යන්න පිළිබඳ සැකයක් ඇති බව ද පොලීසිය පවසයි.

නමුත් ප්‍රදේශයේ අතුරුදහන් වූ අයෙකු පිළිබදව තොරතුරක් නොමැති වීමත්, පිටස්තරින් කිසිවෙකු මෙම ප්‍රදේශයට පැමිණි බවට තොරතුරක් නොමැති වීමත් නිසා මෙම සිදුවීම අභිරහසක් වී ඇති බවයි පරීක්ෂණ සිදු කරන පල්ලම පොලීසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

ඡායාරූප පහතින්...



 

No comments:

Post a Comment

Post Bottom Ad