මාලිංග වැට උඩ ඉද්දී IPL ඇරඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

මාලිංග වැට උඩ ඉද්දී IPL ඇරඹෙයි

ඉන්දිය ප්‍රිමියර් ලිග් තරඟාවලිය 09 වැනි වරටත් අද (09) ආරම්භවීමට නියමිතය. තරඟාවලිය නියෝජනය කිරිමෙන් ශ්‍රී ලංකාවෙන් එක්විමට නියමිතව ඇත්තේ ලසිත් මාලංග හා තිසර පෙරේරා පමණක් වුවත් ආබාධ තත්ත්වය හේතුවෙන් මාලිංගගේ සහභාගිත්වය තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයෙනි.

තරඟාවලිය පුරාවට මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අවස්ථා දෙක බැගින් ශූරතාව දිනාගෙන තිබෙන අතර වත්මන් ශූරයන් වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මෙවර තරඟාවලිය ආරම්භ කරමින් රයිසින් පූනේ කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිත අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද තරඟ බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග නොමැතිවයි. අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිටින අතර ඉදිරියේ දී තරගාවලියට එක්වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad