ඉන්දියාවෙන් මාලිංගට ආරාධනා - මාලිංගගේ තීරණය මෙන්න (EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

ඉන්දියාවෙන් මාලිංගට ආරාධනා - මාලිංගගේ තීරණය මෙන්න (EXCLUSIVE)

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ සහභාගීත්වය අවිනිශ්චිත බව මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුකරු රිකී පොන්ටින් පවසනවා.

අයි පී එල් තරගාවලියේ පළමු තරග කිහිපය මාලිංගට අහිමිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් ඔහු සහභාගි නොවන්නේ නම් පළමු තරග 5 න් පසු ඊට ආදේශක කී‍්‍රඩකයෙකු නම් කිරීමට පියවර ගන්නා බව පොන්ටින් පැවසුවා.
 

මේ අතර මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය සඳහා සිය සහභාගීත්වය සම්බන්ධයෙන් ලසිත් මාලිංග අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ තමන්ගේ පාදයේ ආබාධය සුව වීමේ නිශ්චිත කාලයක් තවමත් කිව නොහැකි බවයි.

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේදී මුම්බායි ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ලසිත් මාලිංග ගිවිසුම් ගතව සිටිනවා. අයි පී එල් තරග 98කට කී‍්‍රඩා කර ඇති ලසිත් මාලිංග කඩුලූ 143ක් දවා ගනිමින් අයි පී එල් ඉතිහාසයේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගත් පන්දුයවන්නා ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

මෙවර අයි පී එල් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් සහභාගි වන අනෙක් කී‍්‍රඩකයා වන්නේ තිසර පෙරේරායි.  2016 අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි.

ලසිත් මාලිංග පළ කළ අදහස් පහතින් දැක්වෙනවා.




ලසිත් මාලිංගගේ IPL දක්ෂතා පහතින් දැක්වෙනවා....

No comments:

Post a Comment

Post Bottom Ad