අගමැතිගෙන් ඇමති ජෝන්ට අවවාද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

අගමැතිගෙන් ඇමති ජෝන්ට අවවාද

පසුගියදා ගලවා ඉවත්කර දැමූ වත්තල ශරීර සුවතා මං තීරුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට අවවාද කළ බව අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියාසිටියේ පෙරේදා (05) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ය. ඒ අනුව හිතුමතේ මංතීරු කැඩීමෙන් වළකින ලෙස අගමැතිවරයා අමරතුංග අමාත්‍යවරයාට අවවද කර තිබේ.

කෙසේවෙතත් වත්තල ප්‍රදේශයේ ඊයේ (06) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් මෙම මංතීරුව ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් එහි යළි ඉදිකිරීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ තමන්ට එය අදාළ නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad