මහින්ද හදිසියේම රනිල් හමුවෙයි   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

මහින්ද හදිසියේම රනිල් හමුවෙයි  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. 

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව ඊයේ (05) දහවල් 1.30 සිට 2.30 දක්වා පැයකට ආසන්න වේලාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රටේ ආර්ථිකය, ජාතික ආරක්ෂාව, අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරය ඇතුළු වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබෙන බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල සංචාරය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර සිදුවූ මෙම හමුව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර දැඩි කුතුහලයක් හටගෙන තිබේ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද මේ හමුවට එක් වී ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad