විධායක ජනාධිපතිධුරය අහෝසි කර වහාම ආණ්ඩු බලය අතට ගැනිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකලහොත් ඉතා ඉක්මනින්ම 2002 දි සිදුවු දෙටත් වඩා අන්ත දෙයක් එක්සත් ජාතික පක්ෂයට සිදුවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර චීන සංචාරය අතරතුර කල ප්‍රකාශයෙන් සජිත් ප්‍රේමදාස සහ මංගල සමරවිර අතර සිතල යුද්ධය තවත් උග්‍ර අතට හැරි ඇති බව එම සංචාරයට එක්ව සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
මහින්ද රාජපක්ෂ රජය සමයේ ලංකාවේ සිදුවු සංවර්ධන ක්‍රියාවලිය සහ චිනය ඇතුලු ලෝක බලවතුන් සමග පැවැත්වු සබඳතාවන් පිළිබඳව චින රජයෙන් ලැබුණු අනපෙක්ෂිත ප්‍රතිචාර හමුවේ යහපාලන රජයේ නියෝජිතයන් අන්දුන් කුන්දුන් වි ගොස් තිබේ.
පසුව අගමැතිවරයා,මංගල සමරවිර,මලික් සමරවිර,සජිත් ප්‍රේමදාස ඇතුලු නියෝජිතයන් එක්වි සිදුකරමින් තිබු සාකච්ඡාවකට එක්වෙමින් මංගල සමරවිර අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන යනු ඉතා දුර්වල අයෙකු බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල අවස්ථා ගණනාවක මෛත්‍රී දොට්ට වැටිමට ගිය බවත් එම සෑම අවස්ථාවකම තමන් මැදිහත් වි මෛත්‍රී ආරක්ෂා කලබවත් ඒ නිසා මෛත්‍රීගේ දුර්වලතා තමන් ඔහුටත් වඩා හොදින් දන්නා බවයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එල්ල කරන දැඩි පීඩනය හමුවේ කුමණ හෝ අවස්ථාවක ආණ්ඩුව අත් හැරිමට කටයුතු කරනු ඇති බවත් මහින්ද-මෛත්‍රී එකතුවක් ලෙස රටේ ආණ්ඩු කිරිමට අවස්ථාවක් උදා විමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසාන විය හැකි බවද සමරවිර අමාත්‍යවරයා පෙන්වාදි තිබේ.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා මංගලගේ අදහස් දැක්විමට විරුද්ධ වි ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා යනු මතුපිටින් පෙනෙන පුද්ගලයාට වඩා වෙනස් කෙනෙක් බවත් විධායක අගමැතිවරයෙකුට රට පාලනය කිරිමට හිතන තරම් පහසු නොවන බවත්‍ය.
මූලාශ්‍රය : Lankanewsweb.today
Saturday, April 9, 2016
මෛත්‍රී ගැන විස්වාසයක් නෑ -චිනයේදි මංගල රනිල්ට කී කතාව
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment