ට්‍රම්ප්ට සහ හිලරිට ජය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

ට්‍රම්ප්ට සහ හිලරිට ජය

අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය තේරීම සඳහා පසුගිය දා පැවති ඡන්ද විමසීමේ දී ප්‍රතිවාදී අපේක්ෂක ටෙඩ් කෘස් පරාජයට පත් කරමින් ප්‍රාන්ත 05 ක් ජය ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වී ඇත.

ඒ අනුව කනෙටිකට්, ඩෙලවෙයර්, මේරිලෑන්ඩ්, පෙන්සිල්වේනියා සහ රෝඩ්අයිලන්ඩ් යන ප්‍රාන්ත 05ම ජය ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඩෙලවෙයර්, මේරිලෑන්ඩ්, පෙන්සිල්වේනියා සහ කනෙටිකට් ප්‍රාන්ත ජය ගත් අතර, ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයාවන බර්නි සැන්ඩර්ස්, රෝඩ්අයිලන්ඩ් ප්‍රාන්තයේ ජය තහවුරු කර ගෙන ඇත.

කෙසේ වුව ද මේ වනවිට අපේක්ෂකත්වයට තේරීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම්වලින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් පසු වේ.

No comments:

Post a Comment

Post Bottom Ad