මියගිය මිතුරියන්ගේ ඥාතීන් මාධ්‍යට තර්ජනය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

මියගිය මිතුරියන්ගේ ඥාතීන් මාධ්‍යට තර්ජනය කරයි

දුම්රියේ ගැටී පෙරේදා (25) පස්වරුවේ මියගිය සිසුවියන් දෙදෙනා පිළිබඳ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම සිසුවියන්ගෙන් එක් අයෙකු වන ෂෙරෝන් සිල්වා සිසුවියගේ ඥාතීන් පිරිසක් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වේ.

සිසුවියන්ගේ මෘත දේහ මල්ශාලාව වෙත රැගෙන ආ මොහොතේ එම අවස්ථාව ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන්ට මෙසේ තර්ජනය කර ඇති බව වාර්තා වන අතර එසේ තර්ජනය කළ පිරිස අතර සිටි එක් අයෙකු තමාව හඳුන්වා දී ඇත්තේ ස්වර්ණවාහිනී නාලිකාවේ හිටපු අධ්‍යක්ෂක සංජීව පෙරේරා ලෙස යි.

මෙලෙස කළහකාරී ලෙස හැසිරුණු පිරිස විසින් ඇතැම් මාධ්‍යවේදීන්ට අයත් කැමරා සහ මෙමරි කාඩ් ද පැහැරගෙන ඇති බව ද පැවසේ. කෙසේ වෙතත් මියගිය සිසුවියන්ගේ ඥාතීන් මේ වන විට පසුවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිලි නොකළ බවයි සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීන් පවසන්නේ.

මේ අතර  මෙම අනතුර පිළිබඳ වාර්තා කළ ජනමාධ්‍ය වෙත සිසුවියන්ගේ ඥාතීන් සහ හිතමිතුරන් යැයි හඳුන්වාගන්නා සමාජ ජාල පරිශීලකයින් ද දැඩි මාධ්‍ය විරෝධී පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබුණි. අනතුර සිදුවන අවස්ථාවේ සිසුවියන් දෙදෙනා "හෙඩ්සෙට්" පැළඳ සිටි බවට  අනතුර ඇසින් දුටුවන් මෙන්ම පොලීසිය ද සිදු කළ ප්‍රකාශයන් වාර්තා කර තිබූ ජන මාධ්‍යන් වෙත විශේෂයෙන් මෙම විරෝධතා එල්ල වී තිබෙනු දැකිය හැකි ය.

No comments:

Post a Comment

Post Bottom Ad