අන්තර්ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මරණීය තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයකු මැලේසියාවේ සිට අද (27) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
බොදුබල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් කිරීමට විරෝධය පා ඔහු ජනපතිට එරෙහි මරණීය තර්ජන සහිත පණිවිඩ සටහන් ෆේස්බුක් ගිණුමේ පළ කළ බව වාර්තා වේ. මෙම පුද්ගලයා යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එල්. ඒ. සුගත් නැමැත්තෙකු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයා වීසා නොමැතිව මැලේසියාවේ රැඳීසිටියදී එරටින් පිටුවහල් කර තිබේ. ඒ අනුව අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
Thursday, April 28, 2016
'ෆේස්බුක්' මගින් ජනපතිට මරණ තර්ජන කළ අයෙක් රහස් පොලිස් භාරයට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment