රහුමාන් නොඑන්නේත් කොටි නිසාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

රහුමාන් නොඑන්නේත් කොටි නිසාද?

දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට සංගීතඥ ඒ.ආර්.රහුමන් මෙම මස 23 වනදා කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහා පැමිණීමට නියමිතව තිබුණත් ඔහු එය අත්හැර දමා තිබෙනවා.

රහුමාන්ගේ නිවස ඉදිරිපිට කොටි හිතවාදී දෙමළ සංමාජිකයින් පිරිසක් ඔහුට ලංකාවට යන්න එපා යයි කියමින් දැක්වූ විරෝධතාවයක් මේකට හේතුවුණු බවයි වාර්තා වෙන්නේ. කොහොමවුනත් මේ ප්‍රසංගය භේදබින්න වුණු ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරන්න සැලසුම් කළ එකක් කියලයි ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර විකිණීම සිදුකළේ.

ඉන්දියාවේ ග්ලිට්ස් නම් වෙබ් අඩවිය කියන්නේ රහුමන්ගේ නොපැමිණීමට හේතුව දෙමළ ජනතාවගේ විරෝධයක් නෙවෙයි ඒක ලංකාවේ සිංහල ජාතිවාදී දේශපාලනඥයින්ගේ විරෝධයක් බවයි. කොහොමනමුත් අවසන් යුධ කාලසීමාවෙදි වගේම ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ එක් රැස්වුණු දකුණු ඉන්දීය කලාකරුවන්ගේ සංගම්වල ඒ ආර් රහුමන් ප්‍රබල තැනක් ඉසිලු කෙනෙක් බවයි වාර්තා වෙන්නේ.

රහුමාන් ලංකාවේ යුධ සමයෙදි යුද අපරාධ සිදුවූ බවට චෝදනා කළ පිරිස අතර ප්‍රධාන කෙනෙක් බවටත් වාර්තා වෙනවා..

No comments:

Post a Comment

Post Bottom Ad