තමා දේශපාලනයෙන් ඉවත් වීමට ගත් තීරණය වෙනස් කර නැවත සකී‍්‍රය දේශපාලනයේ යෙදීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (08) ප‍්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
"දේශපාලනයේ ඉන්නවා. දේශපාලනයෙන් ඉවත් වෙන්න ආශාවක් තිබුණා. හැබැයි මේ රටේ සිද්දවෙන දේවල් බැලුවම ජනතාව වෙනුවෙන් දේශපාලනයේ නිරත වෙන්න වෙනවා. සමස්ථ ආර්ථිකයම බිඳ වැටිලා. ඒ වගේම රටේ ස්වෛරීභාවය පිළිබඳවත් ගැටලුවක් දැන් මතුවේගෙන එනවා. ඉතිං මේ සියල්ල දිහා බැලුවම ඊට විරුද්ධ මතයක් තියෙන ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ".
මේ අතර මීට සති කිහිපයකට පෙර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර වෙනම පක්ෂයක් නිර්මාණය කිරීමට උත්සහ කරන ප‍්‍රධාන පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවයි. ඒකාබද්ධ විපක්ෂයේම සිටින ඇතැම් අය ද ඔහුට විරුද්ධ බව එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ විණි.

No comments:
Post a Comment