කෝලිට අයත් ෆිට්නස් ජිම් ජාලයේ ශාඛාවක් ලංකාවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

කෝලිට අයත් ෆිට්නස් ජිම් ජාලයේ ශාඛාවක් ලංකාවේ

ප‍්‍රකට ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාත් කෝලිට හිමි බවට පැවසෙන චිසෙල් ෆිට්නස් ජිම් නමැති ශාරීරික ව්‍යායාම පුහුණුව සිදු කරන ආයතන ජාලයේ ශාඛාවක් ලංකාවේ පිහිටුවන්නට නියමිත බව ඉන්දියානු මාධ්‍ය
වාර්තා කර තිබෙනවා.


ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි මෙම ආයතනයේ මව් ශාඛාව ඉන්දීය ව්‍යාපාරික සත්‍ය සිංහට වැඩි කොටස් ප‍්‍රමාණයක් හිමි එකක් වන අතර විරාත් කෝලි සියයට 30 ක කොටස් අයිතිය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලයට එක්ව සිටියි.


එහි ප‍්‍රචාරණ කටයුතු පවා සිදු කරන්නේ කෝලිගේ ෆිට්නස් සෙන්ටර් එක ලෙසිනි. බැංගලෝරයේ හා ආන්ද්‍රා ප‍්‍රදේශ්හි ශාඛා රාශියකින් යුතු ජනප‍්‍රිය ආයතන ජාලයක් වන මෙහි ශාඛා ඉදිරියට ශ‍්‍රී ලංකාවේ හා ඩුබායි රාජ්‍යයේ පිහිටුවන්නට සැලසුම් කර ඇත.


මේ වසර අවසාන වනවිට එම ආයතනය ඉන්දියාවේ පමණක් ශාඛා 100 ක් පිහිටුවා නිමවන බවද වාර්තා වුණා. ඉදිරියේ පිහිටුවන ලංකාවේ ශාඛාව විවෘත කිරීම සඳහා කෝලි මෙහි එන්නට නියමිත බවද වාර්තා වුණා.






No comments:

Post a Comment

Post Bottom Ad