ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ගුවන් මැදිරි තුළ දුමක් පැතිර යාම හේතුවෙන් නැවත බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.
ඊයේ (07) රාත‍්‍රී 10.00ට බැංකොක් සිට කොළඹ බලා පියාසර කළ යූ.එල්. 891 දරන ගුවන් යානය මෙලෙස ආපසු ස්වර්ණභූමි ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වූ බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.
යානයේ මැදිරි තුළ දුමාරය පැතිර යාමට හේතු වී ඇත්තේ ගුවන් යානයේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක්. ගුවන් ගමන සිදුවී මිනිත්තු 19කින් මෙම තත්ත්වය හටගත් බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනය කළේ.
අදාළ ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්වීමෙන් පසු එහි ගමන්ගත් මගීන් 235ක් එම ගුවන් යානයෙන්ම අද (08) අලූයම යළි කොළඹ බලා ගමන් ආරම්භ කළා. එම ගුවන් යානය අද උදෑසන 5.25ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
තවත් මගීන් 30 දෙනෙකු යූ.එල්. 403 දරන ගුවන් යානය අද (08) උදෑසන 11.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බවද ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා.
Friday, April 8, 2016
ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment