ලැජ්ජ බය කියන එක ගැන අපි කතා කරන්නේ ගොඩක් කල් ඉඳලාය. ලැජ්ජ බයට හැදෙන්න ඕන කියලා අපේ අම්මලා තාත්තලා කට කැඩෙනකම් තමන්ගේ දරුවන්ට කියයි. ලැජ්ජාව ගැන අපි හිතා හිටිය දේ වැරදියි කියලා දැන් හිතෙනකොට අපිටම ලැජ්ජය.
ඒ කාලේ හා මෑත කාලයේ ලැජ්ජාව ගැන, අපිට ඇතිවෙන්නේ දැඩි අවුලක්ය. ලැජ්ජාව නිර්වචනය කිරීමේ වැරැද්දක් දැන් දැන් ඇතිවී ඇතිබව හැඟෙන විට ඉස්සර ලැජ්ජාවට බයට හැදුන මිනිස්සුන්ට දැන් ලැජ්ජා හිතෙනවා ඇතිය.
ලැජ්ජාව ඇත්තෝ හා නැත්තෝ වශයෙන් දෙපිරිසක් සිටීම පුදුමයක් හා අරුමයක් නොවේ. හොරකම් කරන්නේ ලැජ්ජාවක් බයක් නැති කමටය, වල්කම් කරන්නේ ලැජ්ජාවක් නැතිකමටය, බොරු කියන්නේ ලැජ්ජාවක් නැතිකමටය, පාහර වැඩ කරන්නේ ලැජ්ජාවක් නැතිකමටය, දේශපාලනය කරන්නේද ලැජ්ජාවක් නැති කමටද?
නැතිනම් දේශපාලකයා ඉහත කී ගති ලක්ෂණ ඇත්තෝද? අපිට ජීවත්වන්නට නීති හදනා, රටේ ජනතාව වෙනුවෙන් හඬා වැලපෙන, ජනතාව දුක් විදින විට බඩ පපුව හෝස් ගා පත්තුවෙන, රට ජාතියට අගතියක් වේ යැයි නිතර විමසිල්ලෙන් සිටින දේශපාලකයාට ලැජ්ජාවක් නැද්ද? එසේ නැතිනම් අපි විසින් ලැජ්ජාව යනුවෙන් අර්ථ දක්වාගෙන සිටින විදිහ වැරදිද? එසේ නොමැතිනම් දේශපාලකයාගේ ප්රධාන සුදුසුකම ලැජ්ජාව නැතිකමද?
අධ්‍යාපනයක් අවශ්යම නැති දේශපාලනයට ලැජ්ජාවක් අවශ්යම නැතිද? එසේ නොමැතිනම් මේ දේශපාලන මිතුරන්ට පාර්ලිමේන්තුවට යවන ඡන්ද දායකයාට ලැජ්ජාවක් කියන දේ නැද්ද? ගහමරාගෙන දෙපිලකට තුන්පිලකට බෙදී ඡන්දපොලට ගොස් ඡන්දය දෙන ඡන්ද දායකයාට ලැජ්ජාවක් කියන දෙයක් නැතැයි කියා දේශපාලකයා හොඳින් දන්නේද? අනේ මට නම් අන්දමන්දය.
දෙයි හාමුදුරුවනේ කරුණාකර ලැජ්ජාව හොයලා දෙන්න. අපි හිතන ලැජ්ජාව අපිට නැති වුනොත් හෙට අනිද්දා අපි නිරුවතින් පාරේ ඇවිදින එක වලක්වන්නට බැරිය....... සමාවෙන්න.
කැලුම් පාලිත මහීරත්න
Sunday, April 10, 2016
දෙයි හාමුදුරුවනේ, ලැජ්ජාව ගෙනල්ලා දෙන්න.....
Tags
# විශේෂාංග පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
විශේෂාංග පුවත්
Labels:
විශේෂාංග පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment