මහානාමයේ විදුහල්පති සමග 30 හැවිරිදි විවාහක ගුරුවරියගේ අයථා ඇසුර ගැන සැමියාගෙන් පොලිස් පැමිණිලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 10, 2016

මහානාමයේ විදුහල්පති සමග 30 හැවිරිදි විවාහක ගුරුවරියගේ අයථා ඇසුර ගැන සැමියාගෙන් පොලිස් පැමිණිලි

කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප‍්‍රසන්න උපශාන්ත සමග ඇසුරක් පවත්වන බව කියන එම විදුහලේම උගන්වන 30 හැවිරිදි විවාහක ගුරුවරියක ඇගේ දරුවා සැමියා භාරයෙන් බලෙන් පැහැර ගත්තේය යන සිද්ධිය නිසා පසුගියදා එම සැමියා පොලිස් පැමිණිල්ලක් සිදු කර තිබුණා.

කෙනෙකුගේ පුද්ගලික හැසිරීමක පවතින ගැටලූකාරී තත්වයක් වෙනත් කෙනෙකුට වැදගත් දෙයක් විය නොහැකි වුවද පාසලක පරිපාලනය හා විනය සම්බන්ධයෙන් කටයුතු කරන විවාහක විදුහල්පතිවරයෙකුගේ සහ එම විදුහලේම විවාහක ගුරුවරියකගේ අයථා ඇසුර ප‍්‍රචාරයට පත්වීම මත එම පාසලේ විනය කටයුතු කඩාවැටීම විශාල පිරිසකට බලපාන ගැටලූවක් බවට දැන් පත්ව තිබේ.


සිද්ධියට සම්බන්ධ ගුරුවරිය ජාතික රූපවාහිනියේ උදෑසන වැඩසටහන් සඳහාද සම්බන්ධව සිටි රූමත් නිවේදිකාවක බව කියැවේ. ඇය රූපවාහිනියේ කටයුතු කරන කාලයේ එම ආයතනයේම සිටි සේවකයෙකු හා යුග දිවියට එළැඹි අතර පසුව ඔවුනට දරුවෙකුද ලැබුණි. රූපවාහිනී වැඩසටහනකට ගිය ගමනකදී විදුහල්පතිවරයාට ඇයව හඳුනාගන්නට ලැබී පසුව කිසියම් ක‍්‍රමයකින් ඇය එම රැුකියාව අතැර මහානාම විදුහලේ ගුරු වෘත්තිය සඳහා පිවිසි බවද වාර්තා වෙනවා.


විශ‍්‍රාම ලැබීමට ආසන්න වයසේ පසුවන 56 හැවිරිදි විවාහකයෙකු වන විදුහල්පතිවරයා මෙම ගුරුවරිය සමග කාලයක් තිස්සේ අනියම් සබඳතා පවත්වමින් සිටි බවත් ඔහුට අයත් ජීප් රියෙන් දෙදෙනාම නිතර ගමන් කළ බවත් විදුහල් ආරංචි හෙළි කරනවා. පසුව මෙම සම්බන්ධය දුරදිග ගොස් දෙදෙනාට එකට ජීවත්වීමේ අවශ්‍යතාවයක් පැනනැගී ඇත.
මෙම සම්බන්ධය ගැන විදුහල්පතිවරයාගේ පවුල ඒ ගැන දැක්වූ ප‍්‍රතිචාර වාර්තා නොවන නමුත් ගුරුවරියගේ සැමියා ඇය සමග දිගින් දිගටම වාද කරමින් සිටි බව වාර්තා වුණා. 


පසුව ගුරුවරිය විදුහල්පති සමග එකට සිටීමට නිවසින් යන්නට තීරණය කර ඇති අතර ඇයට තම වයස අවුරුදු එකහමාරේ දරුවා සැමියා ළ`ග දමා යන්නට නොහැකි බැවින් දරුවාද රැගෙන විදුහල්පති සමග යන්නට උත්සාහ කර තිබෙනවා. පසුගිය ඉරිදා විදුහල්පතිවරයාට අයත් ජීප් රියෙන් නිවසට පැමිණි ගුරුවරිය මෙහෙකාරිය අසළ සිටි දරුවා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත්තේ මේ අනුවයි. තමන්ට පාලනය කළ නොහැකිවූ සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරියගේ සැමියා තලංගම පොලිසියේ පැමිණිල්ලක් කළේ එයින් පසුය.


මේ පැමිණිල්ලෙන් පසු සැමියාව දුරකථනයෙන් ඇමතූ විදුහල්පති ඔහුට තර්ජනය කළ බවද පැවසුණ අතර ඒ ගැනද සැමියා නැවත පොලිසිය දැනුවත් කර ඇත. මේ සිද්ධිය මහානාම විදුහලේ සිසුන් අතරද මහත් කථාබහකට ලක්වී ඇති අතර විමතිසහගත කාරණාව නම් සිද්ධියෙන් පසු ගෙවී ගිය සතියේ විදුහල්පති හා තරුණ ගුරුවරිය යන දෙදෙනාම විදුහලට වාර්තා කිරීමත් පෙර පරිදි එකට ගමන් බිමන් යාමත්ය. විවාහක විදුහල්පතිවරයා එම විදුහලේම ගුරුවරියක සමඟ ඇති කරගෙන ඇති අසම්මත ආදර සබඳතාව සිසුන් ඉදිරියේ වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බව විදුහලේ සෙසු ගුරුවරුන්ගේ මතයයි.


මින් කලකට ප‍්‍රථම මහනාම විදුහලේ සිටි වෙනත් විදුහල්පතිවරයෙකුද දරුවන් පාසලට ඇතුළත් කරන්නට මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් නිසා අපකීර්තියට පත්ව එම විදුහලෙන් නෙරපා තිබුණි. මෙම සිද්ධිය ගැන මේ වනවිට ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන ලේකම්වරයාට පැමිණිලි කර තිබෙන අතර පාසල් විනය සම්බන්ධ මෙම ගැටලූව නිරාකරණය කරන ලෙසද ඉල්ලා ඇත. අද උදෑසන වාර්තාාවූයේ සිද්ධිය ගැන අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණයක් අරඹා ඇති බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad