දෙලක්ෂ විසි අටදහසකට දියවැඩියාව  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

දෙලක්ෂ විසි අටදහසකට දියවැඩියාව 

මෙරට ජනගහනයෙන් දෙලක්ෂ විසි අට දහසක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.

බෝ නොවන රෝග අතරින් දියවැඩියා රෝගය පාලනය කිරීම ප්‍රධාන අභියෝගයක් බවට පත් ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. හෙතෙම මේ බව පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

මෙරට දියවැඩියා රෝගීන් බහුතරයක් නාගරික ප්‍රදේශවලින් වාර්තාවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.ශරීර ස්කන්ධ දර්ශකය පවත්වාගෙන යෑම, සමබල ආහාර වේලක් ලබා ගැනීම, ක්ෂණික ආහාරවලින් වැළකීම, එළවළු හා පළතුරු පරිභෝජනය වැඩිකිරීම, ව්‍යායාම කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් දියවැඩියා රෝගයෙන් වැළකී සිටිය හැකි බව වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ ය.

ලෝක ජනගහනයෙන් මිලියන 1.5ක් පමණ දියවැඩියා රෝගයෙන් මියයන බව වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු පෙන්වා දුන්නේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad