‘ජාතික ආණ්ඩුව’ රකින්න රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් දොට්ට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

‘ජාතික ආණ්ඩුව’ රකින්න රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් දොට්ට..?

ඉදිරියේ සිදු කරන බව කියවක ඇමති මණ්ඩල සංශෝධනයේදී මුදල් ඇමති රවි කරුණානායක මහතා එම ඇමති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අවධානය යොම වී ඇතැයි වාර්තා වෙයි.

මුදල් ඇමතිවරයට විරුද්දව බොහෝ ඇමතිවරුන් ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාටද කරුණු දක්වා තිබීමට මීට හේතු වී තිබේ. මුදල් ඇමතිවරයාගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ආණ්ඩුව වේගයෙන් ජනතාව අතර පිරිහීමට ලක්වන්නේ යයි අදාල ඇමතිවරුන් පෙන්වා දී ඇත.

මේ අතර රජයේ ආයම වැඩ කි ගැනී සඳහා අපේ‍්‍රල් පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට තිබූ බදු ඉහල නැංවීමද සිදු කර ගත නොහැකි වීම සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ ඒ සඳහා වූ ලිඛිත හා නීති කටයුතු මේ වන තෙක් සිදු කර නැති නිසායි.

මේ අතර තවත් ආරංචි මාර්ග පවසන්නේ මුදල් ඇමති රවි කරුණානයක මහතාට විශ්වාස භංගයෝජනාවක් ඉදිරිපත් වීම නිසා එය දිනුවත් පැරදුනත් ‘ජාතික ආණ්ඩුව’ නෛතිකවම වශයෙන් බලවත් ගැටළුවකට මුහුණ පෑමට සිදුව ඇති බැවින් මුදල් ඇමති ධුරයෙන් කරුණානායක මහතා ඉවත් කෙරෙනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad