මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම මෛත්‍රී නවත්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම මෛත්‍රී නවත්වයි

තම ආරක්‍ෂාවට යොදා සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කොට තිබේ.

තමාගේ ආරක්‍ෂාවට දැනට සිටින යුද හමුදා සෙබළුන් 103 දෙනා ඒ අනුව තවදුරටත් රාජකාරි කටයුතුවල නිරත වනු ඇති බවයි රාජපක්ෂ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කර ඒ වෙනුවට පොලිස්‌ නිලධාරීන් යෙදවීමට පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කළ අතර ඒ බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පසුගිය 07 වැනිදා පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද නිල වශයෙන් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad