පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද (11) පොලිස්පති තනතුරෙන් විශ්‍රාමයාමට නියමිත අතර පුරප්පාඩුවන පොලිස්පති තනතුර සඳහා තිදෙනෙකුගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යවා ඇතැයි වාර්තා වේ.
පොලිස්පති තනතුර සඳහා නව පත්කිරීම ව්‍යවස්ථා සභාව විසින් සිදුකළ යුතු අතර, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබේ.
ව්‍යවස්ථා සභාව විසින් මෙම නම් තුන සලකා බලා පොලිස්පතිවරයා ලෙස පත්විය යුත්තේ කව් ද යන්න ජනාධිපතිවරයාට දැන්වීමට නියමිතයි. ඉන්පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව පොලිස්තිවරයා කව් ද යන්න රටට ප්‍රකාශ කරනු ලබයි.
පොලිස්පතිවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබුණද, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව එකී බලය ව්‍යවස්ථා සභාව සතුවී තිබෙන අතර, ජනාධිපතිවරයාට සිදුකළ හැක්කේ පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු නම් කර යැවීම පමණි. මේ අතර, නව පොලිස්පතිවරයා පත්කිරීම සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව නව පොලිස්පතිවරයා සඳහා යෝජනා වී ඇති නම් සලකා බලා ජනාධිපතිවරයාගේ නිර්දේශ යෝජනා කිරීම සඳහා ව්‍යවස්ථා සභාව මේ මස 18 දා රැස්වීමට නියමිතයි. මේ අනුව නව පොලිස්පතිවරයෙකු පත් කරන තුරු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමරත්න මහතා කටයුතු කරයි.
මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ 33 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන පොලිස්පත් එන්.කේ. ඉලංගකෝන් මහතා අද (11) උදෑසන පොලිස් මූලස්ථානයේ දී පොලිස් නිලධාරීන්ට ස්තූති කතාව සිදු කිරීමට නියමිත අතර ඉන් අනතුරු ර පොලිස්පතිවරයා වශයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කිරීම සිදු කෙරේ.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සිය තනතුරින් විශ්‍රාමයාම නිමිති කරගෙන පොලිස් උත්තමාචාරයක් අද සවස බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.

No comments:
Post a Comment