රටේ සමස්ත ණය මිලියන ලක්ෂ 87 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

රටේ සමස්ත ණය මිලියන ලක්ෂ 87 ක්

රටේ රාජ්‍ය ආදායමෙන් 40% ක් ගමනාගමන මණ්ඩලයට, දුම්රියට, විදුලිබල මණ්ඩලයට හා ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට සිදු ව ඇති බවත් රටේ සමස්ත ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් මිලියන අසූ හත්ලක්ෂ අසූ හයදහස් පන්සිය අනූ දෙකක් වී ඇති බවත් වැඩ බලන මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.

රාජ්‍ය ආදායමෙන් 40% ක් රාජ්‍ය ආයතන 04කට ලබාදෙන විට ඉතිරි මුදල් රාජ්‍ය සේවකයන්ට, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට ලබාදීමට සිදු ව තිබෙන බව ද මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා ප්‍රකාශ කරයි.

සමස්ත ආදායමෙන් රාජ්‍ය ආදායම 12% ක් දක්වා පහළ වැටී තිබෙන අතර, මෙය 20% ක් දක්වා ඉහළ දැමිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් වීදි සටන්වල දී කියන දේවල්වලට උත්තරදීමට නොහැකිවන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad