කෝටි 460ක බීඩි බීලා  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

කෝටි 460ක බීඩි බීලා 

බීඩි භාවිතය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රේගු වාර්තා සඳහන් කරයි. 2015 වසරේ දී පමණක් මෙරට බීඩි මිලියන 3013 ක් පමණ නිෂ්පාදනය වී ඇති අතර එය ඉකුත් 2014 වසරට වඩා මිලියන 33 ක වැඩිවීමකැයි ද එම වාර්තා පෙන්වා දී තිබේ.

ඊට අමතර ව ඉකුත් කාලය තුළ මෙරට බීඩි නිෂ්පාදනය සහ භාවිතය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ද බීඩි නිෂ්පාදනයෙන් හෝ අලෙවියෙන් රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් නොලැබෙන බව ද රේගු වාර්තා පෙන්වා දී ඇත.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක දී බීඩි කර්මාන්තයේ වටිනාකම රුපියල් කෝටි 460 ක් පමණවන අතර බීඩි එතීම සඳහා අවශ්‍ය තෙන්දු කොළ ආනයනයේ දී පමණක් රජයට ආදායමක් ලැබෙන බව ද ඒ අනුව වසරකට එම කර්මාන්තයෙන් රජයට ලැබෙන ආදායම රුපියල් කෝටි 37 කට ආසන්න මුදලකැයි ද රේගු වාර්තා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad