ගලපිටමඩ - වල්ගම්පත ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් දෙදෙනෙකු කසිප්පු පානය කිරීමෙන් පසු එහි සිටි අවුරුදු 66 ක් වූ ගෙහිමි කාන්තාව සිහිනැති වන තුරු මාරුවෙන් මාරුවට දූෂණය කර තිබෙනවා.
දූෂණයට ලක් වූ කාන්තාව සමඟ ජීවත්වන ඇගේ සැමියාට ඉකුත් අප්‍රේල් 26 දින පණිවිඩයක් එවූ මෙම තරුණයන් තැඹිලි කැපීමට පැමිණෙන තමන්ට ඌරුමස් උයා තබන ලෙසද දන්වා තිබුණා.
ඒ අනුව එදින කසිප්පු බෝතල් දෙකක් ද රැගෙන පැමිණි ඔවුන් ගෙහිමියා සමඟ ඌරුමස් කමින් කසිප්පු පානය කර ඇත. එහිදී විකිණීමට ඇති ගසක් පිළිබඳව ගෙහිමියා පැවසූ පසු එකී ගස බැලීමට ගොස් ගෙහිමියා හැඳ සිටි සරමෙන් ම ඔහු එම ගසේ බැඳ ආපසු නිවසට පැමිණි තරුණයන් දෙදෙනා ගෙහිමි කාන්තාව දූෂණය කර ඇති බව පොලිසිය පවසනවා.
එහිදී ගෙහිමි කාන්තාව සිහිනැති වීම නිසා බියට පත් වූ තරුණයන් දෙදෙනා සරම කිහිපතැනකින් කපා ගෙහිමියා නිදහස් කර පලා යැමෙන් පසු නිරුවතින් නිවසට පැමිණි ගෙහිමියා විසින් බිරිඳ සිහිගන්වා ඇති බව ද පොලිසිය පවසනවා.
පසුව සැකකරුවන් ඔවුන්ව බිය ගන්වා තර්ජනය කිරීම නිසා පොලිසියට යාමටද ඔවුන් බියවී තිබෙනවා. කෙසේ වෙතත් පසුව දූෂණයට ලක්වූ කාන්තාවගේ සැමියා ඉකුත් 27 දින ඔවුන් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය අත්තනගල්ල.
හුණුපොල පදිංචි එම්. ඒ. දිනුක් සමරවීර හා ආර්. ඒ. සුජිත් ධම්මික රාජපක්‍ෂ යන සැකකරුවන් රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත්වරිය හමුවට පැමිණවීමෙන් අනතුරුව අප්‍රේල් මස 6 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කළා.
Thursday, April 7, 2016
තරුණයන් දෙදෙනෙක් සැමියාව ගස් බැඳ 66 හැවිරිදි බිරිඳව සිහිනැතිවෙන තුරු දූෂණය කරලා
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment