Youtube ගායිකාවට ඉහල ප‍්‍රතිචාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

Youtube ගායිකාවට ඉහල ප‍්‍රතිචාරයක්

ටිෆනි අල්වෝඩ් ‘යූ – ටියුබ්’ ගායිකාවක් හැටියට හැඳින්වීමේ වරදක් නැහැ. ඇය රසිකයන් අතරට පැමිණ සිටින්නේ අන්තර් ජාලයේ යූ – ටියුබ් අඩවියට මියුරු ගීත ඇතුළත් වීඩියෝ එකතැන් එක් කරමින්.

22 වැනි වියෙහි පසුවන මේ දිදුලන තරුව වටා දැනට රසික රසිකාවියන් මිලියන 2.5 ක් සිටින බවට සාක්ෂි ලැබී තිබෙනවා. ඇයට මෙවැනි ජනප්‍රියත්වයක් හිමිවී ඇත්තේ එක රැයින් නොවේ. වසර 8 ක පමණ කාලයක් තිස්සේ කළ කැප කිරීම්වලට ප්‍රතිඵල හැටියටයි.

“මුලින් ම මට ඕනැ වුණේ නිළියක් වෙන්න. තවමත් මම රංගනය හදාරනවා. ඒත් මම සින්දු කියන්න හරිම කැමැතියි. සින්දු ලියන්නත් කැමැතියි. 2008 දී තමයි මම මුලින්ම යූ – ටියුබ් එකට මගේ සින්දුවක් එකතු කළේ. 

ඒ සින්දුව එක් කරලා සති දෙක තුනකින් මම දැන ගත්තා ඒක නරඹපු රසිකයන් ගණන 300 ක් බව.” එලෙස පැවසූ ටිෆනි ගේ අපේක්ෂාව ගායිකාවක හැටියට දිගු ගමනක් යන්නයි.

aaced72fa7a7d774aad3c6dbb5375986 original tiffanyAlvord

No comments:

Post a Comment

Post Bottom Ad