ශ්‍රී දළඳා මාළිඟාවේ දියවඩන නිළමේ ධූරය සඳහා ඉදිරියේ දී පැවැත්වෙන නිලවරණයේ දී වැඩබලන දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බස්නායක නිළමේ සංගමයේ සභාපති කුෂාන් වෑගොඩපොල මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ මහනුවර දී ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවක දීය.
ප්‍රදීප් නිලංග දෑල මහතා පසුගිය වසර 10ක කාලය තුළ දළදා මාලිගාවට, දේවාලවලට විහාරවලට හා බෞද්ධාගමට ඉටුකළ කාර්ය භාරය අගය කොට එම තීරණය ගත් බවත් අස්ගිරි - මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරුන්ගේ ආශිර්වාදයත් ලබා ගත් බවත් හෙතෙම සඳහන් කළේය.
සමස්ත ලංකා බස්නායක නිළමේ සංගමයේ නිලමේවරුන්ගෙන් වැඩි පිරිසක් ඊට සහභාගී වූ බව ද වෑගොඩපොල මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment