මහින්දගේ ප්‍රකාශ කවුද ගණන් ගන්නේ? - චන්ද්‍රිකා  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

මහින්දගේ ප්‍රකාශ කවුද ගණන් ගන්නේ? - චන්ද්‍රිකා 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සභාපති කෙනෙකු සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පක්‌ෂයේ සභාපතිවරයා නොවීම නිසා ඔහුගේ ප්‍රකාශ කවුරුත් ගණන් නොගන්නා බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිනියගේ 70 වැනි ජන්ම දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (01) මිනුවන්ගොඩ මූලික රෝහලේ පැවති නේවාසික රෝගීන් හට දිවා ආහාරය ප්‍රදානය කිරීමේ අවස්‌ථාවට සහභාගිවෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය පැවසූවේ ‘අපි එකට එකතුව වැදගත් දියුණු රටක්‌ හැටියට ශක්‌තිමත් නායකත්වයක්‌ යටතේ රට දියුණු කරන්න ඕනෑ. අපේ රට වැදගත් මිනිසුන් ජීවත්වන රටක්‌ බවට පත්කරන්න ඕනෑ. ඒ සඳහා මේ යන ගමනට පක්‌ෂ, ආගම් කුල භේදවලින් තොරව සියලුම දෙනාට එක්‌වන ලෙස මම යෝජනා කරනවා.‘

‘ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සභාපති කෙනෙක්‌ ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පක්‌ෂයේ සභාපතිවරයා නොවේ. එයාගේ ප්‍රකාශ කවුද ගණන් ගන්නේ? එයාට ඕනෑම ප්‍රකාශයක්‌ කළ හැකි‘ යැයිද ඇය පැවසුවාය.

මෙම අවස්‌ථාවට වරාය සංවර්ධන කැබිනට්‌ අමාත්‍ය අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග, පළාත් සභා මන්ත්‍රී ලයනල් ජයසිංහ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්‌ශ්‍රිණී ගුණතිලක යන මහත්ම මහත්මීන් සමග රෝහල් වෛද්‍යවරුන්, කාර්ය මණ්‌ඩලය සමග ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයෝ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad