ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීමේ උත්සවයක් අද (01) කොළඹදී පැවැත්වුණා.
එහිදී මධ්‍යම නුවර ගම්පළාත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ආර්. අනුර බණ්ඩාර මහතා සිය සම සංවිධායකවරයෙකු ලෙස හිමි වූ පත්වීම ලබා ගැනීමට පැමිණ සිටියේ අමුඩය පමණක් ඇඳගෙනයි.
'විලච්චියේ අමුඩ මන්ත්‍රී' ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. අනුර බණ්ඩාර මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී මෙහෙයුම්වල නිරතව සිටියදීයි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ හිටපු හමුදා නිලධාරියෙකු වන ආර්. අනුර බණ්ඩාර මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ලද මෙම පත්වීමත් සමග අනුරාධපුර බටහිර ආසනයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සමසංවිධායකවරයෙකු බවට පත්වුණා.
Wednesday, July 1, 2015
සංවිධායකවරයෙක් අමුඩේ ඇඳන් ඇවිත් ෆොන්සේකාගෙන් පත්වීම ගනී (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment